Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෝරත පොඩි හාමුදුරුවෝ කවීෂ් සසුන්ගත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිඳු ටෙලි නාට්‍යයේ සෝරත සාමනේර හිමියන්ගේ චරිතය ඇතුළු ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපනය කළ කවීෂ් විහඟ කුල දරුවා පිළියන්දන සමිර්ධිරතන නමින් ඊයේ (19) පෙරවරුවේ සැබෑවටම සසුන්ගත වූහ.

මහනුවර මාවතුපොළ පෙතිගෙපිටිය රජ මහා විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය පරණගම පියරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරාධිකාරි පූජ්‍ය පරණගම නන්දරතන හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම සසුන්ගත වීම සිදුවිය.

කොළඹ පිළියන්දල මාම්පේ පදිංචි සම්පත් මධුසංඛ සහ චතුරිකා ප්‍රියංගනී දෙපළගේ වැඩිමහල් දරුවා වන කවීෂ් 13 වන වියේ පසු වන අතර බම්බලපිටිය ශාන්ත පීතර් විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබමින් සිට තිබේ.

කවීෂ්ගේ එකම සොයොයුරා වු ඔමේෂ් වත්සල (09) පසුගිය 2023 නොවැම්බර් 25 වනදා මෙම විහාරස්ථානයෙදීම පිළියන්දල විසුද්ධි රතන නමින් සසුන් ගත වූ අතර කවීස් විහඟ පිළිියන්දල සමිර්ධිරතන නමින් අද දින සසුන් ගත වූහ.

එම සාමනේර හිමිවරුන් දෙදෙනාගේ මව වන චතුරිකා ප්‍රියංගනී මහත්මිය සඳහන් කළේ, තම පොඩි පුතා මහණ වීමත් සමඟ ලොකු පුතාද නිතර සාමනේර හිමියන් බැලීම සඳහා විහාරස්ථානයට පැමිණි බවත් එම අවස්ථාවනවලදි ටෙලි නාට්‍යයේ සාමනේර චරිතයක් රඟපෑ ඔහුටත් සැබැවටම සසුන්ගත වන්නට සිතෙන්නට ඇති බවයි. ඒ අනුව ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන් බවත්ය.

ගුරු හිමියන් වන පූජ්‍ය පරණගම නන්දරතන හිමියන් අප හට සඳහන් කළේ, පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටියත් නිසංසල පරිසරයක පිහිටි විහාරස්ථානක මෙම දෙසොහොයුරන් සසුන් ගත වීමට කැමති වූ නිසාත් තමන් වහන්සේ මෙම විහාරස්ථානයේදි එම කටයුත්ත සිදු කළ බවයි.

මෙහිදී අප සමඟ අදහස් දැක්වූ සසුන්ගත වූ පූජ්‍ය පිළියන්දල සමිර්ධි රතන සාම නේර හිමියන් සඳහන් කළේ, ටෙලිනාට්‍යෙය් රඟ පෑ චරිතය සැබෑ ජීවිතයේදී අනුගමනය කිරීම තම අරමුණ වූ බවත් රටට ජාතියට වැඩදායක හිමි නමක් වශයෙන් ඉදිරියට යාමට අදහස් කරන බවත් උන් වහන්සේ කිහ.

Scroll to Top