බ්‍රසීලය යනු කොහොමත් සැණකෙළිවලට ප්‍රසිද්ධ රටකි. රියෝ ද ජැනෙයිරෝ නුවර වාර්ෂික සැණකෙළි යනු සංචාරක තෝතැන්නකි. ලොව පුරා බ්‍රසීල සංස්කෘතිය ප්‍රිය කරන බොහෝ දෙනා බලා සිටින්නේ මේ සැණකෙළි සමය ඇරඹෙන තුරුය.
බ්‍රසීලයේ සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයක් වන සම්බා නර්තනය හැදැරීම සඳහා විශේෂ වූ පාසල් රැසක්ද ස්ථාපිත කර තිබේ. මේවායේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ගේ එකම අභිප්‍රාය වන්නේ මේ වාර්ෂික සම්බා උත්සව මාලාවට සහභාගී වෙමින් දස්කම් දැක්වීමයි.
ජාත්‍යන්තර ආකර්ෂණය දිනූ බ්‍රසීල සැණකෙළිය මේ වන විට රියෝද ජැනයිරෝ නුවර කේන්ද්‍ර කරමින් පැවැත්වෙන අතර, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සැණකෙළියට එක්රොක් වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
සම්පූර්ණයෙන්ම සංස්කෘතික උත්සවයක අසිරිය ගත් එම සැණකෙළිය සෑම වසරකම මහ සිකුරාදා දිනයට දින 40කට පෙර එළැඹෙන අවසන් සිකුරාදා ආරම්භ වී අළු බදාදා දිනයේ දහවලේදී නිමාවට පත් කෙරෙන අතර, ඊට විදේශීය සංචාරකයන් දහස් ගණනින් එක්රොක් වන බව ද වාර්තා වේ.
බ්‍රසීලය යනු කොහොමත් සැණකෙළිවලට ප්‍රසිද්ධ රටකි. රියෝ ද ජැනෙයිරෝ නුවර වාර්ෂික සැණකෙළි යනු සංචාරක තෝතැන්නකි. ලොව පුරා බ්‍රසීල සංස්කෘතිය ප්‍රිය කරන බොහෝ දෙනා බලා සිටින්නේ මේ සැණකෙළි සමය ඇරඹෙන තුරුය.
බ්‍රසීලයේ සාම්ප්‍රදායික නැටුම් ක්‍රමයක් වන සම්බා නර්තනය හැදැරීම සඳහා විශේෂ වූ පාසල් රැසක්ද ස්ථාපිත කර තිබේ. මේවායේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ගේ එකම අභිප්‍රාය වන්නේ මේ වාර්ෂික සම්බා උත්සව මාලාවට සහභාගී වෙමින් දස්කම් දැක්වීමයි.
මෙවැනි සංස්කෘතික උත්සවයන්, සැමරුම් ඇත්තේ අප සතුව පමණක් නොවේය. ලෝකයේ බොහෝ රටවල් සලකා බැලූ විට මෙවැනි සංස්කෘතික උත්සව දැකගත හැකි වන්නේය.
බ්‍රසීලයේ මහා සැණකෙළිය
පාස්කු ඉරිදාවට ඉරිදාවල් හතකට පෙර උදාවන ඉරිදාව බ්‍රසීල ජනතාවට අතිශයින් සුවිශේෂී වේ. ඒ එදින ලොව පුරා සංචාරකයන්ගේද සහභාගීත්වයෙන් එරට වාර්ශික මහා සැණකෙළිය පැවැත්වීමයි. මේ මහා සැණකෙළිය සැබවින්ම බ්‍රසීලයේ අනන්‍යතාව වශයෙන්ද දැක්විය හැකිය. එදිනට විවිධ සුන්දර ඇඳුම්වලින් සැරසුණු ජනතාව වීදි බසින්නේ මිලියන ගණනින්ය. අතිශය නිර්මාණශීලී ලෙස සරසන ලද රථ පෙළපාලියක්ද රියෝ ද ජැනෙයිරෝ නගරය සුන්දර කරන්නේය. මේ සැණකෙළිය බ්‍රසීල සංස්කෘතිය විදහා දක්වන මහා උත්සවයක් ලෙස සැලකෙන අතර එහි ආරම්භය 1723 වසරේ දී සිදුවී ඇතැයිද පැවසේ.
මෙක්සිකෝවේ මළවුන්ගේ දිනය.
සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා මෙක්සිකානු වැසියෝ තම මියගිය ඥාතීන් නිදන සොහොන් බිමට යති. එදින ඔවුන් වෙන් කර ගන්නේ තම මියගිය ඥාතිමිත්‍රාදීන් වෙනුවෙනි. සොහොන් බිම් සුන්දරව සරසන ඔවුහු තම මියගිය ඥාතීන් මිය යන තෙක් මහත් අභිරුචියෙන් කෑමට ගත් ආහාරද සොහොන් කොත් මත තබති. රාත්‍රිය උදාවත්ම සොහොන් කොත් අසල ඉටිපන්දම් දල්වන මෙක්සිකානු වැසියෝ මෙලෙස වසරේ එක් දිනක් මියගියවුන් වෙනුවෙන් වෙන් කරන්නේ මියගියද ඔවුන් තම හදේ සදා ජීවත් වන බවට සාක්ෂි සපයමිනි. සැබවින්ම මේ මළවුන් සිහිපත් කිරීමේ මෙක්සිකානු සංස්කෘතිය ලොව පුරා පැතිරීගොස් ඇති අතර ලොව පුරා ඇගැයීමටද ලක්වී තිබේ.
ඉන්දියාවේ හෝලි උත්සවය
ශීත ඍතුව අවසන් කරමින් වසන්තය උදා වීම සැබවින්ම සැමරීමට තරම් සතුටුදායක කරුණකි. ඉන්දියාවේ ජනතාව එය දකින්නේ වර්ණ බිහිවීමේ ආරම්භක මොහොත වශයෙනි.
ශීත ඍතුව පුරා කොළ හලා සිටින ශාඛ නන් පැහැ පත්‍ර දක්වමින් මිහිකත වර්ණවත් වීම ඇරඹෙන්නේ වසන්තය ආරම්භ වීමත් සමඟිනි. ඉන්දීය ජනතාව මේ වසන්ත උදාව සමරන්නේ වර්ණ සමගිනි. ඔවුන් විවිධ වර්ණවත් කුඩු රැගෙන ඒවා තම අසල්වැසියන්ගේ, හිත මිත්‍රයන්ගේ සිරුරුවල ආලේප කරමින් විනෝද වන්නේ වසන්තය උදාවීමේ සතුට සමරමිනි. මෙය අති පෞරාණික ඉන්දීය සංස්කෘතික උලෙළක් ලෙස සැලකේ. දැන් මේ උලෙළ ලොව පුරා පැතිරී ගොස් ඇති අතර ශීත ඍතුව අවසන්ව වසන්තය උදාවන මාර්තු – අප්‍රේල් සමයේ හෝලි වර්ණවලින් බොහෝ රටවල ජනතාවගේ සිරුරු නෙක පැහැ ගැන්වෙනු දැකගත හැකිය.
වැනීසි සංස්කෘතික උලෙළ
ඉතාලි ජනතාව විශේෂයෙන් වැනීසි නගරය කේන්ද්‍ර කර ගනිමින් මහා සංස්කෘතික උලෙළක් පවත්වන්ගේ කතෝලික ආගමද පදනම් කර ගනිමිනි. ඉතාලි සංස්කෘතිය කතෝලික ආගම මත පදනම් වන අතර එය පාස්තු ඉරිදාවට දින හතළිහකට පෙර ආරමභ වේ. එය අවසන් වන්නේ අළු බදාදාවට පෙර දිනයේය. වෙස් මුහුණු සහ අතිශය වර්ණවත් ඉපැරණි ඇඳුම් ආයිතමෙන් සැරසුණු ජනතාව මේ සැණකෙළියේදී ඉතා ප්‍රීතියෙන් නගර සංචාරය කරති.
ස්පාඤ්ඤයේ තක්කලි උලෙළ
අගෝස්තු මාසයේ අවසන් බදාදා ස්පාඤ්ඤයේ සංචාරය කිරීමට ඔබට හැකියාව ලැබේ නම් ඔබ සැබවින්ම වාසනාවන්තය. ඒ එදින ස්පාඤ්යේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ මහා තක්කාලි සැනකෙලිය එදින පැවැත්වෙන බැවිනි. මධ්‍යධරණී මුහුදේ සිට කිලෝමීටර් 30ක් ඔබ්බෙහි පිහිටා ඇති බුනොල් නගරයේ පැවැත්වෙන මේ උත්සනය ‘ලා ටොමාටිනා ලෙස හැඳින්වේ. එහිදී සිදුවන්නේ තක්කලි ටොන් ගනනින් එකිනෙකා වෙත ගසා ගනිමින් ජනතාව ප්‍රීති වීමය. මේ උත්සවය අද ලෝක ප්‍රසිද්ධ වන අතර එයට සහභාගී වීමට ලොව පුරා සංචාරකයෝ අගෝස්තුවේදී ස්පාඤ්ඤයට පැමිණෙති.
ග්‍රීසියේ චන්ද්‍ර උත්සවය
සෑම වසරකම අගෝස්තු මාසයේදී ග්රිසියේ ජනතාවට පූර්ණ චන්ද්‍රයා දැකගත හැකි වේ. එබැවින් ඔවුන් එම මාසය වැදගත් කොට සලකති. ග්‍රීසියේ ප්‍රධාන සංස්කෘතික උළෙලක් ලෙස සලකන චන්ද්‍ර උත්සවය ඔවුන් පවත්වන්නේ එම මාසයේදීය. ග්‍රීසිය පුරා විවිධ උත්සව අගොස්තු මාසයේදී සංවිධානය කෙරෙන අතර ග්‍රීකයන් පමණක් නොව විදේශිකයෝද මේ උත්සවවලට එක්වන්නේ මහත් සතුටෙනි.
ජපානයේ සකුරා උත්සවය
අගෝස්තු මාසයේ ප්‍රථම සතියේ ජපානය තරම් සුන්දර ස්ථානයක් ලොව අන් තැනක නැති තරම්ය. ඒ සකුරා ගස් මල්වලින් පිරීයන බැවිනි. මේ මලින් පිරි ගස්වල සුන්රත්වය නැරඹීමට ජපාන ජනතාව විවේකීව නගර සංචාරය කරති. මේ වන විට ජපානය පමණක් නොව දකුණු කොරියාවද එක්ව තිබේ. ඉතා පෞරාණික සම්ප්‍රාදයක් ලෙස මේ ජපාන සකුරා වසන්තය සැලකේ.
ප්‍රංශයේ වයින් උත්සවය
ජූනි මාසයේදී ලොව පුරා වයින් රසවතුන් ප්‍රංශයේ බ්රෝඩෙක්ස් නගරයට ගුවන් ටිකට්පත් වෙන් කර ගන්නේ රසවත් වයින් වෙනුවෙන් පමණක් නොව ප්‍රංශ සංස්කෘතිය ද රස විඳීමේ අරමුණෙන් යුක්තවය. ජූනි මාසය තුළ වසර ගණනක් පැරණි වයින් වර්ග ලොවට හඳුන්වා දෙන අතර නව වයින් වර්ග රස බැලීමටද අවස්ථාව හිමි වේත වයින් නිපදවන පැරණි ක්‍රම, සම්ප්‍රදායන් නැරඹීමටද, දැනුම්වත් වීමටද අවස්ථාව ලැබේ. වසර සිය ගණනක් එපිට ප්‍රංශ වයින් සංස්කෘතියේ ඉපැරැණි ලක්ෂණ ආරක්ෂා කර ගැනීම මේ උත්සවයේ ප්‍රධාන අරමුණක්ද වී තිබේ.
නෙදර්ලන්තයේ රජුගේ දිනය
අප්‍රේල් මස 27වැනිදා නෙදර්ලන්ත ජනතාව රජුගේ උත්සවය සමරති. මෙදිනට ඔවුන් ඔවුන්ගේ ඉපැරණි රජකු වූ විලියම් ඇලෙක්සැන්ඩර් රජුගේ උපන් දිනය සමරති. ඒ සියවස් ගණනක් එපිට සිට පැවතෙන සැමරීමකි. මේ උත්සවයට රසවත් දොඩම් යොදා ගැනීමද දොඩම් පැහැ ඇඳුම්වලින් සැරසීමද නෙදර්ලන්ත සංස්කෘතිකාංගයක් වී තිබේ.
කැලිෆෝර්නියානු සුදුලූනු උත්සවය
ජූලි මාසයේදී ඇමරිකාවේ කැලිෆෝර්නියා නගරයේදී සිදුකරන සුදුලූණු උත්සවය එරට අති පැරණි සංස්කෘතික උත්සවයක්ද වන අතර ඇමරිකාවේ විශාලතම ආහාර සැණකෙළියද වේ.
එම මාසය පුරා තම සුදුලූනු වගාව නගරයට ගෙන ඒමේ පැරණි සිරිත මේ දක්වාම ඉදිරියට ගෙන ඒමට කැලිෆෝර්නියා ජනතාව කටයුතු කර ඇත්තේ වසර ගණනාවකට පසුව එය එරට සංස්කෘතියේ කොටසක් බවට පත් කරමිනි.