දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු අය කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකාව බවට වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.
මෙරට පුරවැසියන් විදුලිය සඳහා 2.5 සිට තුන් ගුණයකින් දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ගෙවන බවයි එම වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ.
සිදු කරන ලද විශ්ලේෂණයකින් මේ බව හෙළි වී ඇති අතර මෙහිදී 2023 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ නිවාසවල විදුලි ගාස්තු අනෙකුත් දකුණු ආසියාතික රටවල කුටුම්භ ගෙවන මුදල සමඟ සංසන්දනයට ලක් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම ගෘහස්ථ පිරිවැයක් දරණ බව සඳහන්.
එමෙන්ම මෙරට කුටුම්භයන් සෙසු දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව සාමාන්‍ය පිරිවැයට වඩා විදුලිය සඳහා 205 සිට තුන් ගුණයකින් විදුලි ගාස්තු ගෙවන බවයි අදාළ වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ.
2023 වසරේ දී ශ්‍රී ලංකාව පෙබරවාරි, ජූලි සහ ඔක්තෝබර් මාසවලදී විදුලි ගාස්තු අවස්ථා 3කදී සංශෝධනයට ලක් කර තිබුණි.
කෙසේවෙතත් මෙම මාසයේ දී විදුලි ගාස්තු අඩු කිරීම සඳහා රජයේ සැලැස්මක් පවතින බැවින් ඒ අනුව විදුලි බිල 4% හෝ සිට ඊට අඩු පිරිවැයකින් අඩු වනු ඇති බව සඳහන්.
ඒ අනුව දැනට පවතින දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු අය කරන රට බවට හඳුන්වාදෙනු ලබන තත්ත්වය වෙනස් වනු ඇති බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.