Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශ කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වාර්තා වන්නේ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

මෙහි අරමුණ වී ඇත්තේ, මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීමයි.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව සඳහන් ය.

Scroll to Top