අද (06) දිනයේ සිට දිවයින පුරා රජයේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය සිවිල් ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයෝ තීරණය කර ඇත.
දිවයින පුරා රෝහල්වලට නිල ඇඳුම භාවිත නොකර සිවිල් ඇඳුමින් පැමිණෙන බවත් ඉල්ලීම් ලබා දෙනතෙක් මෙම විරෝධතා දැක්වීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ සිට ලබාදීමට නියමිත ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාවට නංවන බවත් රෝගී සාත්තුවට කිසිදු බාධාවක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
ඇමැතිවරයා මේ පිළිබඳ ප්‍රතිචාරයක් නොදක්වා කටයුතු කළොත් හෙද නිලධාරීන් සිදු කරන බාහිර කටයුතු වලින් ඈත්ව අඛණ්ඩව හෙද සත්කාරයන්හි පමණක් නියැළීමට සංගමය තීරණය කර ඇති බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.