විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද (01) සිට 100% කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.