ලොව විශාලතම සංචාරක නෞකාව ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.
ඒ යාත්‍රාවේ මීතේන් විමෝචනය පිළිබඳ කනස්සල්ල මධ්‍යයේයි.
මෙම නෞකාව Royal Caribbean Group සතුයි.
යාත්‍රාව සිය මංගල ගමනේදී දින හතක් පුරා නිවර්තන කලාපයේ දූපත් තරණය කරන බව සඳහන්.
නමුත් පරිසරවේදීන් අනතුරු අඟවන්නේ ස්වභාවික ද්‍රව වායුවකින් ක්‍රියාත්මක වන නෞකාවෙන් අහිතකර මීතේන් වාතයට කාන්දු වන බවයි.
එය ටයිටැනික් නැව මෙන් පස්ගුණයක් එනම් ටොන් 2,50,804 ක් බර කොළඔ නෙළුම් කුළුණේ උසට වඩා අඩි 44 ක් එනම් අඩි 1197 ක් දිග රෝයල් කැරිබියන් ග්රූප් සමාගමට අයත් නෞකාවකි.
මෙම නෞකාවේ මගීන් 5610 කට හා සේවකයන් 2350 කට පහසුකම් සහිතය. නෞකාවක පිහිටි විශාලම පිහානුම් තටාකය හා තවත් එවැනි තටාක 07 ක් හා ජල ක්‍රීඩා උද්‍යාන 06 කින් මෙන්මඅවන්හල් හා විවේකාගාර 40 කින් හා තට්ටු 20 කින් ද සමන්විතය.
මියාමි වරායේ සිට කැරිබියන් දූපත් දක්වා මංගල ගමනට ගිය නැවේ සමාරම්භක අවස්ථාව වර්ණවත් කළේ ආජෙන්ටිනාවේ පාපන්දු නායක ලයනල් මෙසී විසිනි.
මෙම නෞකාවේ එක් අයෙකුට කෙටි චාරිකාවක් සදහා ඩොලර් 1700 ක් එනම් රු 5, 40,000 ක් හා දිර්ඝ චාරිකාවකට ඩොලර් 8000 ක් එනම් රු 25,44,000 ක් අය කෙරේ.