Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පුහුණුකරුවෙක් නැති නිසා වැසී යන වඩු පාසල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එකම වඩු පාසල පිහිටුවන්නේ ඇලහැර සියඹලාව ප්‍රදේශයේයි. වසර දෙකක් තිස්සේ වඩු කාර්මික පුහුණුකරුවෙකු අනියුක්ත නොවුණු මෙම වඩු පාසල අද වන විට වැසී ගොස් ඇතැයි  වාර්තා වෙයි.

මෙම වඩු පාසල 1980 වර්ෂයේදී උතුරු මැද පළාත් සභාව මඟින් වඩු කාර්මිකයන් පුහුණු කිරීමේ සහ සහතික පත් ලබා දීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කෙරුණා.වසර දෙකක පමණ සිට වඩු කාර්මික පුහුණුකරුවෙක් මෙම ආයතනය සඳහා අනියුක්ත නොකිරීමයි.

2022 වර්ෂයේදී මෙය ප්‍රතිසංස්කරණය කළද අද වන විට මෙම වඩු පාසල වල් බිහි වී විනාශ වී ගොස් තිබේ.

ආර්ථිකයට ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන තරුණ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබා දී වෘත්තීය කුසලතා ඉහළ නැංවීමට මෙවැනි වෘත්තීය පුහුණු ආයතන වෙතින් ලබා ගත හැකි සේවය නිමක් නැහැ.

ප්‍රදේශවාසීන් මේ පිළිබඳව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා අවස්ථා කිහිපයකදී  දැනුම්වත් කළද යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැහැ.

Scroll to Top