Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දියාවේ 75 වන ජනරජ දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාව 75 වැනි ජනරජ දිනය අද(26) සමරයි.
ඒ, වික්සිත් භාරත් හෙවත් සංවර්ධිත ඉන්දියාවක් යන තේමාවෙන් ය.

ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් මෙවර ඉන්දීය ජනරජ දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.

1947 බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ ඉන්දියාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරන්නේ, 1950 වසරේ ජනවාරි 26 වැනිදා සිටයි.

ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් එදින සිට ඉන්දියාව වාර්ෂිකව ජනරජ දිනය සමරයි.

Scroll to Top