Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (25) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර තිබේ.

බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළේ මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කර ඇත්තේ දුරුදු පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

 

Scroll to Top