VAT බදු ඉහළ යාම හේතුවෙන් ආනයනික ඉන්දීය බිත්තරයක මිල රුපියල් 08කින් ඉහළ දමන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි. ඒ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව සතොස හරහා රුපියල් 35කට අලෙවි කරනු ලැබූ ආනයනික බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ, රුපියල් 43කට බව අමාත්‍යවරයා සඳහන් කරයි. බිත්තර හිඟයක් වෙළෙඳපොළේ නොමැති බවත් බිත්තර මිල ඉහළ යෑමක් සිදු ව ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියි.