රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ලබන සඳුදා (22) සිට ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට නියමිතය.