කතරගම ඇතුළු ගම් කිහිපයක ජීවත් වූ විරැකියාවෙන් පීඩා විඳි තරුණ තරුණියන් සඳහා නව රැකියා සඳහා මඟ පෙන්වීමට රුහුණු මහා කතරගම දේවාලයේ සත්කාර සේවය මඟින් ක්රියාවට නැංවිය.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත තරුපහේ හෝටල් සඳහා අංශ කිහිපයක් පුහුණු කිරීමට හෝටල් කළමනාකරණය සම්බන්ධයෙන් මාස 03ක පුහුණු පාඨමාලාවක් ඉකුත් 01 වැනි දින ආරම්භ කරන ලදි. මෙසේ පුහුණුව ලබන සිසුන් සඳහා තිස්සමහාරාම හා කතරගම ප්රදේශයේ ඇති තරු හෝටල් වෙත රැකියා සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය. මෙම වැඩසටහන හෝටල් කළමනාකරණ ආයතනය මඟින් සිදු කරන අතර මෙම පුහුණුව අවසානයේ ලැබෙන සහතිකය විදෙස් රැකියා සඳහා ද එක්වීමට ප්රයෝජනවත් වේ.