පොංගල් මුට්ටි 1008ක්, භරත නැටුම්කරුවන් 1500ක් සහ කෝලම් 500ක් සමඟ පොංගල් උත්සවය පිළිගැනීමේ මහා පොංගල් උත්සවයක් (08) ත්‍රිකුණාමලය මැක්හෙයිසර් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මැතිතුමා සහභාගී වූහ.
දින තුනක් පුරාවට පැවති ක්‍රීඩා ඉසවු සඳහා සහභාගි වී ජයග්‍රහණය කළ ක්‍රීඩකයින් සඳහා ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුවිය. මෙම උත්සවයට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ය හා ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් සහ උඩරට වතුකරයේ දහස් ගණනක ජනතාවක් සහභාගි වූහ.