මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ උඩයාර්කට්ටු, කුරුවිල් ගම්මානයේ ළිඳකින් භූමිතෙල් වැනි ඉන්ධන වර්ගයක් මිශ්ර ජලය හමු වී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පසු ගිය දා එම ප්රදේශයේ අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර අනතුරුව ඊයේ එම ළිඳෙන් වෙනස් ආකාරයක ගන්ධයක් පැමිණ ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි එහි හිමිකරු සඳහන් කර ඇත.
පසුව එහි හිමිකරු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එම ළිඳෙන් ජලය රැගෙන එහි කොළයක් පොඟවා දල්වා තිබේ. එහිදී එය ගිනි ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
පසුව හිමිකරු අැතුළු පිරිසක් එක්ව ළිඳේ ජලය ඉවත් කර නැවත පරීක්ෂා කිරීමේදී පෙරපරිදි ම ඉන් ගන්ධයක් පැමිණ ඇත.
කෙසේ වෙතත්, ජල සාම්පලවල ඉන්ධන සාන්ද්රණය ප්රමාණවත් නොවන බව එම නිලධාරියා ද දන්වා ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.
ඒ හේතුවෙන්, ඊයේ(ජන. 8) දිනයේදී මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.