Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නාවලපිටියට දැවැන්ත දියර කිරි කම්හලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සීමාසහිත නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය ඉදි කරන ලද සමුපකාර මන්දිරය, ෆ්‍රෙෂ්ලෑන්ඩ් දියර කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ සැවැන්දරා ගාඩ්න් අවන්හල රාජ්‍ය අමාත්‍ය ඩි. බි. හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගේ අතින් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබූ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ තිබූ පැරණි තේ කර්මාන්ත ශාලාවක් සහ අක්කර දෙකක භූමියක් නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය වෙත පවරා ගැනීමෙන් අනතුරුව ප්‍රංශ රජයේ රුපියල් මිලියන 550ක පොලී රහිත ණය මුදලකින් එම තේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට එම සමුපකාර සමිතියේ සභාපති ජගත් ගලප්පත්ති මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවකයින් කටයුතු කර ඇත.

නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි නිෂ්පාදකයන්ගෙන් දියර කිරි එක්රැස් කර එම කර්මාන්ත ශාලාවෙන් දිනපතා යෝගට්, චීස්, කල්කිරි ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු කරන බවත් දිනකට එම කර්මාන්ත ශාලාව තුළ කිරි ලීටර් 15000ක් ශීත කිරිමේ පහසුකම් ඇති බව එම සමුපකාර සමිතියේ සභාපති ජගත් ගලප්පත්ති මහතා කියා සිටියේය. එම කිරි කර්මාන්ත ශාලාවේ එක් ප‍ෙසක සැවැන්දරා ගාඩ්න් නමින් අවන්හලක් විවෘත කර ඇති අතර මෙම කර්මාන්ත ශාලාව තුළ ප්‍රදේශයේ තරුණ තරුණියන් 75 දෙනකුට රැකියා අවස්ථා ද ලබා දී ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top