මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවයි එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ.
අදාළ දිස්ත්‍රික්ක
කොළඹ,ගම්පහ,කළුතර,මහනුවර,මාතර,ගාල්ල,කල්මුණේ
මෙය අමතර එන්නත් මාත්‍රාවක් බවත් වයස සම්පූර්ණ වන විට නියමිත එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ.