ලොව විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔවුන් සිය පළමු සංචාරක පිරිස නෞකාවට නංවා ගැනීම සඳහා පුවර්ටෝ රිකෝ වෙත ගමන් කර ඇති බවයි වාර්තා වෙයි.
නෞකාවේ මංගල සංචාරය එළැඹෙන ජනවාරි 27 වන දින දියත් කරන අතර දින 7ක් සංචාරය කිරීමට නියමිතයි.
ඒ අනුව ෆ්ලොරිඩාව සහ මියාමි වෙතින් කැරිබියන් දූපත් සමූහය වටා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම නෞකාව ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල වන අතර තට්ටු 20කින් යුක්ත වෙයි.
එමෙන්ම මෙය අඩි 1,198ක දිගකින් යුතු වන අතර ටොන් 250,800ක බරකින් යුක්ත බවයි වාර්තා වෙයි.