2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි.තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ පෙබරවාරි මස පළමු වැනිදා ය.
ඒ අනුව සිසුන්ට දින 40ක දීර්ඝ පාසල් නිවාඩුවක් මෙවර හිමිවීම විශේෂත්වයකි.එම කාලය තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එය ජනවාරි 04 වනදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.නව වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.