යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෘත්‍රිම බුද්ධියේ ආකෘතියක් ලෙස නිර්මාණය කර ඇති life2vec නමැති මේ අපූරු මෙවලම භාවිත කරමින් ඕනෑම පුද්ගලයකු මිය යන දිනය පමණක් නොව ඔහු ජීවිත කාලය තුළ උපයා ගෙන ඇති මුදල් ප්‍රමාණය ද නිවැරැදිව ප්‍රකාශ කිරීමට හැකියාව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ නවතම භාවිතය වන chatbot ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත්, කෙනකු මිය යන දිනය නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් එය 78%ක් සාර්ථක බවත් මේ දක්වා සිදු කර ඇති පර්යේෂණවලින් පෙන්නුම් කර ඇතැයි එම විද්‍යාඥයන් සඳහන් කර තිබේ.
එම මොඩලයට පුද්ගලයන් මිලියන 6කගේ අතිවිශාල දත්ත සංඛ්‍යාවක් ඇතුළත් කරමින් පර්යේෂණ සිදු කර ඇති අතර, ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළුව දත්ත එම මොඩලයේ තැන්පත් කරමින් සිදු කර ඇති පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතින බව ද වාර්තා වේ.
පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ඩෙන්මාර්ක නීතියට අනුව life2vec මෙවලම සම්පූර්ණ කළ යුතු නීතිමය කරුණු රැසක් ඇති බැවින් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ අපූරු මෙවලම සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරීම ප්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.