ළමුන් අතර හතිය රෝගය වැළඳීම සහ වෛරස රෝග තත්ත්වයක් මේ දින වල ඉහළ ගොස් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඒ පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟයි.
ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමඟ හතිය රෝගය ළමුන්ට වැළදෙන බවයි වෛද්‍යවරයා පැවසුවේ.
නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් එම රෝගී තත්ත්වයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ද වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.