Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් යටතේ සරසවි සිසුන්ට මාස 4ක සමාජ සේවා කටයුතු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික උසස් අධ්‍යාපන අධිකාරියක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, කලාපයේ රටවල මෙන්ම ජාත්‍යයන්තරයේ සෙසු රටවල සිදුකෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධනයන් පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීම සඳහා එම අධිකාරිය පිහිටුවන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සුරේන් රාඝවන් මහතා ඒ බව සඳහන් කළේ ය.උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ, ලබන වසර සඳහා මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.

එම සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාස 4ක සමාජ සේවා කටයුත්තක නිරත විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමටද සැලසුම් කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Scroll to Top