වැට් බදු ඉහළ යාම හේතුවෙන් ජනවාරි මාසයේ සිට පාසල් උපකරණ මිල ගණන් දෙගුණයකින් ඉහළ යාමට හැකි බව පොත් හල් හිමියන් සදහන් කරයි.
ආනයනික පාසල් උපකරණ මිළ කොපමණ අගයකින් ඉහළ යාවිදැයි පැවසිය නොහැකි බවත් මේ වනවිට පාසල් උපකරණ තවදුරටත් ඉහළ ගොස් ඇති බවද පොත් හිමියන් සදහන් කරයි.
පසුගිය මාසයේ පැවති මිලට වඩා සෑම පාසල් උපකරණ වල මිල ඉහළ ගොස් ඇති බවත් එය දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවද දරුවන්ගේ දෙමාපියන් සදහන් කරයි.