ලබන වසරේ සිට පවතින අධ්‍යාපන ක්රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ සිසුන්ගේ සාක්ෂරතා හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබා දෙන බවයි.
තවද මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
2023 වර්ෂයේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.