ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරාට සහ ඉසුරු උදානට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් පස්දෙනා යළි විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇතැයි තේරීම් කමිටු ප්‍රකාශකයෙක් පැවසීය. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ ස්ථාන අහිමිවූ මේ ක්‍රීඩකයන් පස්දෙනාට අමතරව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කෙරෙහි ද අවධානය යොමුවී ඇතැයි හෙතෙම පැවසීය. එහෙත් සීකුගේ ප්‍රසන්න විස්සයි20 සංචිතයට යළි සම්බන්ධ කර ගැනීම පිළිබඳ ස්ථීර තීරණයකට එළැඹ නැතැයි තොරතුරු අනාවරණය විය.
මේ අතර සහාය පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු වෙනුවෙන් ඉදිරියේදී නව මුහුණුවලට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරයි. සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශකයකු ලෙස බඳවාගෙන ඇති අතර, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක සංවර්ධනයේ විශේෂ වගකීම් ඔහුට පවරා තිබේ.