ලොව මීළඟට ඇතිවිය හැකි න්‍යෂ්ටික යුද්ධයකදී පෘථිවිවාසීන්ගෙන් 90%ක් පමණ මිහිතලයෙන් අතුරුදන් වනු ඇති බවත්, ලෝකයම වසර ගණනාවක් යනතුරු අඳුරු වළාවකින් වැසී අධි ශීත ඍතුවක් (Nuclear Winter) බලපැවැත්වෙනු ඇති බවත් විද්‍යාඥයින් පුරෝකථනය කරන්නේ වසර ගණනාවක් සිටය.
එවැනි වාතාවරණයකදී දෙවැනි ලෝක යුද සමයේ අමෙරිකාව විසින් හිරෝෂිමාවට සහ නාගසාකි නගරවලට එල්ලවූ න්‍යෂ්ටික බෝම්බ හැඳින්විය හැකි වන්නේ ප්‍රාථමික අත්හදා බැලීම් ලෙසට ය.ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් සැලකූවිට න්‍යෂ්ටික අවි සතු රටවල් 09ක් තිබේ.
ඉන් වැඩිම න්‍යෂ්ටික අවි සංඛ්‍යාවක්, එනම් 5,889ක් හිමිව ඇත්තේ රුසියාවට ය.අමෙරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික අවි 5224ක් ඇති අතර චීනය සතු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 410කි.එමෙන්ම ප්‍රංශය ට න්‍යෂ්ටික අවි 290ක් සහ එක්සත් රාජධානියට න්‍යෂ්ටික අවි 225ක් ඇති බව න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය පෙන්වා දෙයි.
එම සංවිධානයේ දත්තවලට අනුව පාකිස්තානයට න්‍යෂ්ටික අවි 170ක් සහ ඉන්දියාව න්‍යෂ්ටික අවි 164ක් ඇති අතර ඊශ්‍රායලය සතු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 90කි.උතුරු කොරියාව සතුව ද න්‍යෂ්ටික අවි 30ක් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.
න්‍යෂ්ටික අවි වගකීමකින් තොරව භාවිත නොකරන බවටත් න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ සිය දර්ශනයෙන් ඉවත් නොවන බවත් ජනපති පුටින් අවධාරණය කරයි.
adaderana