Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු ආගමික අභයභූමිය වන අම්බුළුවාවට, ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් අත්දැකීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මේ සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම (Amber Adventure Company) සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කළ බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනය කළේ.

මෙම ගිවිසුම අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සිදුවන බව ආයෝජන මණ්ඩලය සඳහන් කළා.

චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් හි (China Machine-Building Inte ational Corporation) තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් රථ ව්‍යාපෘතිය ඉදිකරන බවයි ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

Scroll to Top