Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබඳ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරියේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

මේ හේතුවෙන් වැසි සහිත කාලගුණයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Scroll to Top