Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආයුර්වේද වෛද්‍යවරුන් 18,516ක් සිය ලියාපදිංචිය අලුත් කිරීම පැහැර හරියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආයුර්වේද වෛද්‍යවරුන් 18,516ක් සිය ලියාපදිංචිය අලුත් කිරීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි .

සෑම ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයකුම වසර පහකට වරක් සිය ලියාපදිංචි අලුත් කර ගත යුතු වන අතර, ආයුර්වේද වෛද්‍ය සභාව ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි .

ලියාපදිංචි වෛද්‍යවරුන් 26,650 න් 3,827 කට ආසන්න සංඛ්‍යාව මියගොස් ඇති බවට වාර්තා කර තිබූ නමුත්, එම මියගිය පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳව නිවැරදි තොරතුරු යාවත්කාලීනව ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බවත්, පවසන එම කාර්යාලය මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කර ඒ පිළිබඳව මහජනතාවට නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නැතිබව පවසයි . එම තත්ත්වය නිසා අදාල ලියාපදිංචි සහතික අවභාවිතා කිරීමේ ඉඩකඩක් පවතින බවත්, එම වාර්තාවේ සඳහන් වනවා.

මේ තොරතුරු සඳහන් වී ඇත්තේ, ආයුර්වේද වෛද්‍ය සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

Scroll to Top