වසරකට රටට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරන්නට රුපියල් කෝටි 27,000ක් වියදම් කරන බව ගම්පහ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙම ප්ලාස්ටික් දිරා යන්නට අවුරුදු 700ක් පමණ ගත වන බව කී මන්ත්රීවරයා මෙම ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතහමාර ප්රතිචක්රීරණය නොකලොත් තව අවුරුදු ගාණක් යන විට මේ රටේ පස් තියෙන එකක් නැතැයි පැවසීය.
මෙරට ඇළ දොළවල් වල පාර දෙපැත්තේ මුහුදේ ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතරක් වසරකට පා කරන බවද මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.