දෙසැම්බර් මාසයෙන් පසු ඇතැම් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් 20%ක් තෙමසක් දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනය පවසයි.
එමෙන්ම මේ වන විට ආයතන 10ක් වන්දි ගෙවා සේවකයන් ඉවත් කර තිබේ.
එම සම්මේලනයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසූවේ, සුළු හා මධ්‍යම පරිමාණ කම්හල්වලින් 50%ක් මේ වන විට වසා දමා ඇති බවයි.