රජය ගෙන ඒමට නියමිත ජල කළමනාකරණ පනත ජනතාව එක්ව වහාම නවතා නොගත්හොත් ඉදිරියේදී ගොවිපලවල් වලට කුඹුරට ජලබිල එන එක නවතා ගන්නට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
ජල කළමනාකරණ පනත හකුල ගන්නා තුරු සටන් කරන බව එම සම්මේලනය අවධාරණය කරයි.
මේ බව අනාවරණය වූයේ ‘ඉවරයි’ ‘කුඹුරටත් ජල බිලක්’ යන තේමාව යටතේ යෝජිත ජල කළමනාකරණ පනත සහ ජල සම්පත් විකිණීමට එරෙහි සම්මන්ත්රණය පැවති අවස්ථාවේදීයි.