නුවරඑළිය මීපිලිමාන එල්කප්ලේන් ප්රදේශයේ පිහිටි අක්කර 16ක රජයේ සතු ඉඩමක් කිසිදු නීතිමය අවසරයකින් තොරව බලහත්කාරයෙන් වගා කරන පුද්ගලයාගේ අවිධිමත් වගා ක්රමය හේතුවෙන් එම වගාවට පහළින් පිහිටි වගා බිම් රැසක් පස් කඳු කඩා වැටීමෙන් හා කාණු පද්ධති නිසි පරිදි යොදා නොමැති බැවින් කානු උතුරා යාමෙන් දැඩි ලෙස විනාශ වී ඇති බව ප්රදේශවාසීන් චෝදනා කරති.
වැඩිදුර අදහස් දැක්වූ ප්රදේශවාසි කියා සිටියේ අපි බෝගයක් වවන්නේ අපා දුකක් විඳලා ගෙදර ගෑනු දරුවන්ගේ කන කර උගස් තියලා එහෙම තත්වයකදී මෙහෙම විපතක් තනි මනුස්සයෙක් කරනවා කියන්නේ මහා ලොකු අපරාධයක් .
මේ මිනිහගෙන් පුදුම කරදරයක් අපිට රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන තමයි මෙයා මේ වගා කරන්නේ.
ජනාධිපතිවරයාත් දිස්ත්රික් සංවර්ධනය රැස්වීමේදී කිහිප වතාවක්ම කියලා තියෙනවා මේ ඉඩම රජයට පවර ගන්න කියලා.
රජයේ නිලධාරීන් මේ ගැන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ඔක්කොම ඒ වගාකරුවන්ගේ පැත්තෙ.
අපිට හිතාගන්න බෑ ඒ ඇයි කියලා සමහරවිට ඒත් සල්ලි වලට යටත් වීමක් ද වෙන්න පුළුවන් .
මේ වගාකරුවා ගෙන් ඇතිවන බාධාවන් පිළිබඳව අපි කිහිප වතාවක්ම පොලිසියට දැනුවත් කළා නමුත් කිසිදු ප්රතිචාරයක් අපිට ලැබෙන්නෙ නැහැ .
පොලිස්සියෙන් කරන්නේ කරන්නෙත් අපිටම බනින එක .
ඔයාට දවස් හතරකට කලිනුත් පැමිණිල්ලක් සිදු කලා එහෙත් කිසිදු පිළිතුරක් තව වෙනතුරුත් නෑ .
රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන වගා කරන මනුස්සයෙකුට මෙච්චර සැලකිලි ලැබෙන්නේ කොහොමද අපට මේ ප්රශ්නෙට හරි විසඳුමක් දෙන්න කියලා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා .
මේ පිළිබඳ අප නුවරඑළිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ලද පැමිණිල්ලට නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් බවයි.