ඊයේ දින රාත්‍රී අත්තනගලු ඔය ද්‍රෝනියේ ඉහළ ජලාධාර ප්‍රදේශයට ඇදහැලුනු තද වර්ෂාව හේතුවෙන් ඉහළ ධාරා ප්‍රදේශයේ සමහර ස්ථාන සුලු ගංවතුර තත්වයක් වාර්තාවන බවත් වර්ෂාපතනය පහව ගොස් පැවතිය දඉහළ ද්‍රෝනියේ ජලය පහළට ගලා ඒම හේතුවෙන් අද (22) රාත්‍රිය වන විට පහළ ද්‍රෝණියේ ඇතැම් පහත් බිම් ප්‍රදේශවල සුලු ගංවතුර තත්වයක් වාර්තාවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම ගම්පහ – ජාඇල මාර්ගය සහ කිරිදිවිට – ගනේමුල්ල මාර්ගයත් කිරිදිවිට අවට පහත්බිම් ද ජලයෙන් යට විය හැකි බවත් අද දින රාත්‍රියේ ද යම් වර්ෂාවක් ඇතිවුව හොත් මෙම තත්වයේ වැඩි්වීමක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දක්වන ලෙස එම ප්‍රදේශවාසීන්ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන්කරන රථවාහනවල රියදුරන්ගෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම්වල ජනතාවට දැනුම් දේ. එසේම පවතින තත්වය හමුවේ ඇතිවිය හැකි අවදානම් තත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙසත් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැන ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
ඇල්ල – පස්සර මාර්ගයේ 21km අසල මාර්ගයට ගල් පෙරලී හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඇල්ල – පස්සර මාර්ගය 21km සිට නැවත දැනුම්දෙන තුරු වසා තබනු ලැබේ. මාර්ගය විවෘත කිරීම ගල් ඉවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බව මාර්ග සංවර්ධන අධීකරාරියේ බදුල්ල දිස්ත්‍රික් විධායක ඉංජිනේරුවරයා දන්වා ඇත.
කිරම ආර උප වරෝණිවේ ඉහල සහ මධ්‍යම ධ්ාරා ප්‍රවේශවල ඇතැම් ප්රවේශවලට වම් දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්තත්තවය සහ එම වරෝණීවේ ඉහල පිහිටි කිරම වැව කිරම ආර වදසට පිටවාන් දමමින් පවතින බැවින් ඉදිරි පැය කිහිපයක කාලය තුළ මුලටියන සහ කඹුරුපිටිය ප්‍රාවේශීය වල්කේ වකාට්ඨාශ වල කිරම ආර පිටාර තැන්නට අයත්ත පහත්ත බිම් ප්‍රවේශවල ඇතැම් ප්රවේශවලට ගංවතුර තත්තත්තවයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැවේ. වම් තත්තත්තවය සම්බන්ධ්වයන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන වලස එම ප්‍රවේශවල පදිංචි මහජනතාවවෙන් සහ ප්‍රවේශ හරහා ෙමන් ෙන්නා වාහන පදවන්නන්වෙන් ඉල්ලා සිටිනු ලැවේ. වම් සම්බන්ධ්වයන් අවශය පියවර ගන්නා වලස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැවේ.