Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගුවන් සංදර්ශන සමඟින් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.

තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

එමෙන්ම ඇලේබේනියානු ගායිකා ඩුහා ලීපා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය වර්ණවත් කරන්නට පැමිණීමට නියමිතයි.

මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගිවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මෙම ගුවන් සංදර්ශන පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව දෙවරක් එක්දින ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව 5 වතාවක් එක්දින ලෝක ශූරයන්ව ඇත.

එමෙන්ම 1975 වසරේ සිට මෙතෙක් එක්දින ලෝක ශූරයන් වූ කණ්ඩායම් පහේම නායකයින් අවසන් මහා තරගයට අරාධනා ලැබීම විශේෂත්වයකි.

මේඅතර සාමන්‍ය දිනවලදී අහමදාබාද්හී හෝටල් කාමරයක් රුපියල් 1,500ක් පමණ වනඅතර ලෝක කුසලාන අවසන් මහා තරගය හේතුවෙන් මේ දිනවලදී හෝටල් කාමරයක මිල රුපියල් 10,000ක් පමණ වන බව වාර්තාවෙයි.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

Scroll to Top