ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හැඳින්වෙන දකුණු අප්‍රිකානුවන්ට එම ඉරණමට මුහණ දීමට ඊයෙත් සිදු වූහ.
ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ සමත්විය.
ඒ දකුණු අප්‍රිකාව සමග පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.
කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212ක් රැස් කරනලදි.
දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක් හිමි විය.
දකුණු අප්‍රිකාව – 212 (ඕවර 49.4) ඩේවිඩ් මිලර් 101, හෙන්රි ක්ලාසන් 47 (මිචෙල් ස්ටාක් 34/3, පැට් කමින්ස් 51/3, ජොස් හේසල්වුඩ් 12/2, ට්‍රැවිස් හෙඩ් 21/2)
ඔස්ට්‍රේලියාව – 215/7 (ඕවර 47/2) ට්‍රැවිස් හෙඩ් 62, ස්ටීව් ස්මිත් 30 (ටබ්රයිස් ශම්සි 42/2, ජෙරල්ඩ් කෝට්සි 47/2)
ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්රිකාවනුවන් අවසන් පූර්ව වටයට පිවිසි 5 වැනි අවස්ථාව (1992, 1999, 2007, 2015 හා 2023) මෙය වන අතර, ඉන් අවස්ථා 3කදීම ඔස්ට්‍රේලියාව හමුවේ අවසන් තරගය අහිමි වී ගියහ.
1999 වසරේ පැවති තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී දෙපිලේ ලකුණු සමවූ අතර, සුපිරි 6 වටයේ ඉදිරියෙන් සිටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව අවසන් තරගයට යද්දී දකුණු අප්‍රිකාවට ගමන නතර කිරීමට සිදු විය.
ඉන් පසු 2007 වසරේදීත් ඔවුන්ට ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ අතර, මෙවර ද එලෙසින්ම සිදු විය.
කල්කටා නුවර පැවති ලෝක කුසලාන ක්‍රිකට් දෙවන අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගත් අතර ඒ අනුව අවසන් තරගයට දැනටමත් සුදුසුකම් ලබා ඇති ඉන්දියාව සමග ඕස්ට්‍රෙලියාව ලෝක කුසලානය වෙනුවෙන් 19 ඉරිදා තරග වදිනු ඇත.