Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලංවිම විද්‍යුත් බිල්පත් (e-Billing) ක්‍රමවේදය හඳුන්වා දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය (e-billing)පළාත්කීපයක් සඳහා ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සතුටින් දැනුම් දෙමු.

ඒ අනුව, දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර,මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශයන්හි පදිංචි පාරිභෝගිකයින් සඳහා ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් (digital format),කෙටි පණිවිඩ මාර්ගයෙන් (SMS)හෝ විද්‍යුත් තැපෑලෙන් (email) ලබාදීමට කටයුතු කර ඇත.මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා ඩිජිටල් අත්දැකීමක් ලබා දීම මෙහිප්‍රධාන අරමුණ වේ.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමක්‍රමයෙන් අත්හිටුවීමට බලාපොරොත්තු වන බැවින්, මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස අපි දිවයින පුරා සිටින අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත දන්වා සිටිමු.මෙම නව හඳුන්වාදීම මගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරමු.

මේ සඳහා කෙටි පණිවිඩ මාර්ගයෙන් (SMS)ලියාපදිංචි වීමට, REG<හිස්තැනක්>ඔබේගිණුම්අංකය සඳහන් කර 1987 ට යොමුකරන ලෙසත්, එමෙන්මමාර්ගගතව(online) ලියාපදිංචි වීමට http://ebill.ceb.lk වෙත පිවිස එහි උපදෙස් අනුගමනය කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමු.

Scroll to Top