2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
එම තරගය එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වෙයි.
එම තරග එළඹෙන 16 වනදා Eden Gardens ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
වසර 48ක ඉතිහාසයක් ඇති ලෝක කුසලානයේ මෙවර පැවැත්වෙන්නේ 13 වැනි තරගාවලියයි.
ලෝක කුසලාන ඉතිහාසයේ එහි සියළු තරග 48ම ඉන්දියාවේ පැවැත්වෙන්නේ ප්‍රථමවරටය.
2011 ලෝක කුසලානයේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ හා බංගලාදේශයේදී පැවැත්විණි. මේ කුසලානය ඉන්දියාවේ පැවැත්වීම හරහා එරටට ලැබෙන ආර්ථික වාසිය බෙහෙවින් වැඩිය.
ලෝක කුසලානයේ අවසන් මහා තරගය නොවැම්බර් 19 වැනිදා අහමදාබාද් නුවර පැවැත්වෙන නිසා නොවැම්බර් 13 -19 අතර කාලය තුළ එම නගරයට පමණක් ගුවන් යානා 787ක් පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
විශේෂයෙන් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය යන රටවල සංචාරකයන් හේතුවෙන් ඉන්දියාවට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුම 15% කින් ඉහළ ගොස් ඇති බව ඉන්දීය ආර්ථික විශ්ලේෂකයකු සඳහන් කර තිබිණි.
ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ ක්‍රිකට් තරග පැවැත්වෙන නගරවල හෝටල් ගාස්තු 125% සිට 300% දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට පැවැති ලෝක කුසලාන තරගාවලි 13න් 5ක් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව දෙවරක් බැගින්ද පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්වරක් බැගින් ද ලෝක කුසලානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය ලෝක කුසලානය ජයග්‍රහණය කළේ 2019 වසරේය.
ක්‍රිකට් යනු සැබැවින්ම අවිනිශ්චිත ක්‍රීඩාවකි.
ඒ බව 2019 ලෝක කුසලාන අවසන් පූර්ව තරග දෙකින්ම පැහැදිලි විය. අ
වසාන මහා තරගයට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සහභාගි වනු ඇතැයි බොහෝ දෙනකුගේ අපේක්ෂාව විය.