අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබාදිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.
මෙම සාකච්ඡාවේදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ අපේ රට දුප්පත් රටක් නෙවෙයි , සම්පත් වලින් බහුල රටක් , දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ?
රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි.
රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රට වැටිලා නැ , ශ්‍රි පාදස්ථානයට පිවිසෙන මාර්ගය අයිති මේ රටේ ජනතාවට.
ශ්‍රි පාද වන්දනාවේ සෑම ජාතියකටම අයත් වන්දනාකරුවන් පැමිණෙනවා , ඒ අයටයි ශ්‍රි පාද මාර්ගය අයිති , එම මාර්ගය යුධ හමුදා සහ නාවික හමුදාව සමග එක්වෙලා විශාල මුදලක් වැය කරලා මමයි සංවර්ධනය කලේ.
එම මාර්ගයේ අවාරයේ ගමන් කරන අයගෙන් මුදල් අය කරන්න වනජිවියට අයිතියක් නැ .
ශ්‍රි පාද මාර්ගයෙන් පිට රක්ෂිතයට ඇතුල් වන අයගෙන් මුදල් අය කලාට කමක් නැ , අපේ රටේ ඕන තරම් ගැසට් ගහලා තියෙනවා , ඒවා ආපසු හරවපු අවස්තා ඕන තරම් තියෙනවා.
ඒ අනුව වනජිවියට කියන්නේ ඔය ගහපු ගැසට් එකත් ආපහු හරවන්න කියලා යනුවෙන් පැවසිය.
2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස (26) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, ඒ අනුව පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ ලබන මස (25) දින ඉපැරණි චාරිත්‍ර අනුව මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත්, ඒ අනුව ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සලසන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ.
මෙම සාකච්ඡාවට සහභාගි වු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කියා සිටියේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන සහ ආපසු ගමන් කරන වන්දනාකරුවන්ට දුම්රිය ස්ථානයෙන්ම නල්ලතන්නිය දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, එම ප්‍රවේශපත්‍ර භාවිතා කරමින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ වලින් වන්දනාකරුවන් ප්‍රවාහනය කරන බවයි.
තවද 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කරන බව එම සාකච්ඡාවට සහභාගි වු හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් මහතා පැවසිය.
මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර , එම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.
රංජි