Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තද වැසි, ප්‍රධාන මාර්ගවලට පස් සහ ගල් පෙරලෙයි, විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයෙන්  ප්‍රධාන මාර්ගයට පස් සමග විශාල ගලක් පෙරලිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 08 ක් දක්වා ආසන්න වි ඇති බවත්, විමලසුරෙන්ද්‍ර ජලාශයවාන් දමන බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

තවදුරටත් ඇද හැලෙව අධික වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග වලට සහ අතුරු මාර්ග වලට ගස් , පස් කදු සහ විශාල ගල් පෙරලිමේ අවධානමක් ඇති නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top