Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට Time Out ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ දැවී යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත් වියවිය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී.

ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බව පවසමින් (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරුණා.

මැතිව්ස් හිස් වැසුම පළදින්න ගිය අවස්ථාවේ එය කැඩීයාම හේතුවෙන් විනාඩි 2 ක කාලයක් ගත වනවා එම අවස්ථාවේ time out ලෙස බංගලාදේශ කණ්ඩායම ඉල්ලීමක් කිරීම හේතුවෙන් මෙය දැවීයාමක් ලෙස විනිසුරුවරයා තීරණය කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීති අනුව කඩුල්ලක් දැවී යාමෙන් පසු මිනිත්තු දෙකක් ඇතුළත පිතිකරන ලැයිස්තුවේ සිටින ඊළඟ පිතිකරු පිටියට පැමිණ පන්දුවට පහර දිය යුතුය. යම් හෙයකින් එසේ කිරීමට අපහොසත් වුවහොත් එම ක්‍රීඩකයා දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සැලකේ.

එහෙත් ප්‍රතිවාදී කණ්ඩායම එම පිතිකරණ පමාව ගැටලුවක් නොවන බව දන්වා සිටියහොත් පමණක් අදාල ක්‍රීඩකයාට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබේ. එබැවින් මෙම දැවී යාම තීරණය වන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ කැමැත්ත අකමැත්ත අනුවය.

Scroll to Top