Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි , දිය ඇළි සක්‍රිය වෙයි , ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පස්වරුවේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඩෙවොන් සහ සෙන් ක්ලෙයාර් යන දිය ඇළි වල ඇද හැලෙන ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

පවතින වර්ෂාවත් සමග හැටන් කොළඹ , හැටන් නුවරඑලිය යන ප්‍රධාන මාර්ග වල පවතින දැඩි මිදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

ඉහල කොත්මලේ ජලාශයේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති නිසා එහි වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටියි.

රංජි

Scroll to Top