ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 7 ලක්ෂ 88, 235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ.
ඒ, විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ය.
ආර්ථීක අර්බුදයත් සමග විදුලිය බිල් වැඩිකිරීම – බදු වැඩි කිරීම ඇතුළුව ජීවන වියදම් ඉහළ යාමත් රුපියලේ අගය පහත වැටීමත් නිසා විදුලිය බිල ගෙවීම මේ වනවිට අභියෝගයක්ව පවතියි.
මේ වසර තුළ , මේ දක්වා තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළ එවන් පසුබිමකයි.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, වැඩිම විදුලිය සැපයිම අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වන බවයි.
එම සංඛ්‍යාව එක් ලක්ෂ 20, 474 කි.