වත්මන් රජය විදුලිි බිළ වැඩිකිරීමට එරෙහිව මස්කෙළිය, බ්රන්ස්වික් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් එම වතුයායේදී විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයට එක්ව සිටි වතු කම්කරුවන් මෙහිදී කියා සිටියේ, විදුලි බිල 400% කින් වත්මන් පාලකයින් විසින් ඉහළ දැමීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවත්, වහාම විදුලි බිළ පහත දමන ලෙස පාලකයින්ට බලකර සිටින බවත්ය.
ජාතික ජනබලවේගය මගින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සඳහා වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.
මස්කෙළිය -ගාමිණී