ක්‍රිකට් කණ්ඩායමේ අවමන්සහගත පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ ඊයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වුණ 33 වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අමිහිරි අයුරින් පරාජයට පත් වීම හේතුවෙන්.
මේ නිසා ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුට ලකුණක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයකි.
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත සහ දුෂ්මන්ත චමීර ලකුණු නොලබාම යළි නරඹන්නන් විය.
කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යළි ක්‍රීඩාගාරයට හැරී ගියේය.
මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් රැස්කළ කසුන් රාජිත යි.
මොහොමඩ් ෂමී ලකුණු 18කට කඩුලු 5යි.
ඒ අනුව පන්දුවාර 50 ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඇති පන්දුයවන්නා බවට පත්වීමට මොහොමඩ් ෂමී සමත්විය.
ඔහු තරග 13කදී ලබාගෙන ඇති කඩුලු ගණන 45කි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 55ක් පමණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස්කළේය.
“නාම් 200” වෙනුවෙන් වතු කම්කරුවන්ට නිවාස දස දහසක්
ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියර යටතේ යටතේ කොටගල, දිඹුල ප්‍රදේශයේ නිවාස 10,000ක් සඳහා ඩිජිටල් ක්‍රමය හරහා මුල්ගල් තැබීම න්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි.
වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සපිරීම නිමිත්තෙන් (02) කොළඹ පැවති උත්සවයකදී මෙම මුල්ගල් තැබීම සිදුකළේය.
ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී විය.
කඳුකර වතු ජනතාව සඳහා පර්චස් 10 බැගින් ඉඩම් ඔප්පු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්,
“ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් අසාමාන්‍ය අන්දමේ ඩොලර් බිලියන 04 ඉක්මවූ මූල්‍යාධාර ලබාදුන්නා. ශ්‍රී ලංකාව සඳහාවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත කිරීම සඳහා ඉන්දියාව තමයි මුලින්ම මූල්‍ය සහතිකයක් ලබාදුන්නේ. අනෙක් රටවලුත් ඒ මඟ යමින් ශ්‍රී ලංකාවට සහාය ලබාදුන්නා. සැබෑ මිතුරෙකු ලෙස මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලදී සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කරනවා. දෙරටේ තිරසර සංවර්ධනය සහ සශ්‍රීකත්වය උදෙසා නිශ්චිත ක්ෂේත්රයන්හි සහයෝගීතාව සම්බන්ධයෙන් පොදු දැක්මක් අපේ නායකයන් මේ වසරේ ජුලී මාසයේදී ප්‍රකාශයට පත් කළා. අපේ නායකත්වය ලබාදුන් ඒ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා ශිෂ්ටාචාරයක් පැවතුණු අපේ මිතුරුදම් යොවුන් පෙළට අවධානය යොමුවන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. එවැනි සම්බන්ධතා ව්‍යාපෘති දැනටමත් ආරම්භ වී තිබෙනවා. මෑතකදී ආරම්භවූ ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා සහ ළඟදීම ආරම්භ කෙරෙන ඩිජිටල් මුදල් හුවමාරු සේවාව එහිදී විශේෂයෙන් සඳහන් කළ හැකියි. හඳුනාගත් අනෙකුත් ක්ෂේත්රයන් පිළිබඳවත් අප ලක් රජය සමඟ සමීපව කටයුතු කරනවා.”