අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3 21 000 කට ආසන්න සංඛ්‍යාවෙන් හරි අඩකටත් වැඩි සංඛ්‍යාවක් අස්වැසුම සුභසාධන ප්‍රථිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් තෝරා ගැනීමේ වැඩසටහනට ඉල්ලුම් කර ඇති බවට අනාවරණය විය.
අලි- මිනිස් ගැටුමට පිළියමක් ලෙස වන අලින් ගම්වලට ඇතුළු වන ස්ථාන සදහා කණ්ඩායම් වශයෙන් නිලධාරීන් යොදවා වන අලි ගම්වැදීම පාලනය කිරීමට කටයුතු කිරීම සුදුසු බව දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් අගමැතිතුමන්ට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.
“අලුත් ගමක් – අලුත් රටක්,, ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳව සාකච්ඡාවක් අග්‍රඅමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් (31) උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ 3 21 000 ක පවුල් සංඛ්‍යාවෙන් අස්වැසුම සමාජ සුභසාධන වැඩසටහනට අයදුම් පත් 1 73 622 ක් ලැබී තිබීම සම්බන්ධයෙන් සාකච්ජාවට ගැනිනි.
එහිදී අදහස් දක්වමින් අග්‍රඅමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කය මුළු රටේම කේන්ද්‍රීය දිස්ත්‍රික්යක් බවයි.රටේ හදවත අනුරාධපුර දිස්ත්‍රික්කය බවත් ගොවිතැනින් අතිරික්තයක් නිපදවන නගරයක් බවත්,සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම දියුණු කළ හැකි ක්ෂේත්‍ර හදුනගනිමින් එම ක්ෂේත්‍ර දියුණු කර මෙම නගරය ස්වයංපේාෂිත කළ යුතු බව අග්රඅමාත්යතුමන් පැවසීය. එක් පසකින් රාජ්‍ය ආදායම දියුණු කරගනිමින් විදේශ විනිමය ඉපයිය හැකි නගරයක් බවට අනුරාධපුර පත් කළ යුතු බව අගමැතිතුමන් ප්‍රකශ කළේය. පාසල් හැර ගිය රැකියා විරහිත තරුණ තරුණියන් පිළිබද විශේෂයෙන් සදහන් කරමින් අග්රඅමාත්යතුමන් ප්‍රකාශ කළේ ඔවුන් රැකියාගත කිරීම සදහා විධිමත් පුහුණුවක් ලබා දිය හැකි වැඩපිළිවෙලක් ඉක්මනින් සකස් කළ යුතු බවයි.
මෙම රැස්වීමේ දී අනුරධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදුවන ව්‍යාපෘති සහ දැනට පවතින වගා ප්‍රගතිය ඉදිරිපත් කළේ ය. එමෙන්ම අස්වැසුම ඇතුලු සහනාධාර වැඩපිළිවෙලයන් පිළිබද සංඛ්‍යා දත්ත සහිතව තොරතුරු ඉදිරිපත් කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්වැසුම ව්‍යාපෘතියට අදාළ සංඛ්‍යා දත්ත නිරීක්ෂණය කරමින් ස්වදේශ කටයුතු රාජ්‍යය අමත්‍යය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ ජනතාව තුළ පවතින යැපුම් මනසිකත්වය නැති කිරීීම සිදු කළයුතු බවයි. ඒ සදහා ආකල්ප වෙනසක් ජනතාව තුල ඇතිකළ යුතු බවත් එතුමා පැවසී ය.
ස්වදේශ කටයුතු රාජ්‍යය අමත්‍යය අශෝක ප්‍රියන්ත මහතා එහිදී කියා සිටියේ,
අනුරාධපුර දිස්ත්‍රිකක්යේ පවුල් තියෙන්නේ තුන් ලක්ෂ විසි එක් දහසයි.අස්වැසුම සමාජ සුභසාධන වැඩසටහන අයදුම් කරලා තියෙනවා එක් ලක්ෂ හැත්තෑ තුන් දහසක්, මේක හරිද, මේක වෙන රටක් කළත් අපේ රටට ඔරොත්තු දෙන්නේ නෑ. මාසෙකට කෝටි 49 ක් විතර ආධාර දෙනවා, ආණ්ඩුවකට මේක දරන්න පුලුවන්ද? තවත් මේක අපි ඉස්සරහට ගෙනියනවාද? සමෘද්ධියත් වෙනම ගෙවනවා.තව 47 000 ක් අභියාචනා දාලා තියෙනවා.විරෝධතා 4400 ක් දාලා තියෙනවා.මේක අපිට ඇඟිල්ල දික් කලරා පැත්තකට දාලා ඉස්සරහට ගියොත් ගැටලුවක්.රාජ්‍යය නිළධාරීනුත් අපහසුවෙන් ඉන්නේ, මේ වියදම් රජයක් විදිහට කළමණාකරණය කර ගත යුතුයි.නැත්නම් අපි පාරේ කොච්චර උද්ඝෝෂණ කළත් වැඩක් නෑ, පාරට බහින්න ඔ්න නෑ, අය-වැයෙන් යම් මුදලක් රජයේ සේවකයින්ට වැඩි කරනවා.යම් පුලුවන් ප්‍රමාණයක් වැඩි කරයි.ඒ දේ ගන්නවාට වඩා රටකට මේ වියදම දරන්න පුලුවන්ද කියලා හිතන්න ඔ්න.මේවා කථා කලේ නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ.මම මේ කාටවත් දොසක් කියනවා නෙමෙයි.මේක අඩු කරන්න අපි ක්‍රමවේදයක් හදන්න ඔ්න.
එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්තුමන් කියා සිටියේ, නිළධාරීන් නෙමෙයි මේ සංඛ්‍යාව තෝරලා තියෙන්නේ, පරිඝණක පද්ධතියට ඇතුළත් කළ තොරතුරු අනුව මේ තෝරා ගැනීම් සිදු කරලා තියෙන්නේ.
එස්.එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කමිටුව අමතමින් පවසා සිටියේ හේන් ගොවිතැන වැඩිපුර සිදුවන දිස්ත්‍රික්කයක් ලෙස රටේ භෝග අවශ්‍යතාවයෙන් 40% පමණ මෙම දිස්ත්‍රික්කයේ ජනතාව විසින් සපයන බවයි. එමෙන්ම දැනට ගොවිතැනට පවතින ප්‍රධාන ගැටළුව වන අලි තර්ජන බවත් මසකට ජීවිත විශාල සංඛ්‍යාවක් ඒ හේතුව නිසා අහිමි වන බවත් ඒ මහතා අග්රඅමාත්යතුමන් වෙත දන්වා සිටියේ ය. ඒ සදහා ඉක්මන් විසදුමක් අවශ්‍ය බවත් ගොවිතැන පමණක් නොව පශු සම්පත් අංශයෙන් ගත්තත් අනුරාධපුර වැදගත් දිස්ත්‍රික්කයක් බවත් පෙන්වා දුන්නේය.
කමිටුව අතරතුර වන අලි ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සකච්ජා වූ අතර එහි දි වන අලින් ගම්වලට ඇතුළු වන ස්ථාන සදහා කණ්ඩායම් වශයෙන් නිලධාරීන් යොදවා වන අලි ගම්වැදීම පාලනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් යෝජනා කරනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් කියා සිටියේ තඹුත්තේගම අඩවි වන නිළධාරී කාර්යාලයක් තියෙනවා, හැබැයි ඒ අයට වාහනයක් නෑ ගමේ අය ගමට අලි ආවා කියලා කෝල් කළාම ඒ ගොල්ලන්ට අලි එළවන්න යන්න බෑ.ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න රැසක් තියෙනවා, වන අලින් වගේම අනෙකුත් සතුන්ගෙන් වගාවන්ට විශාල ලෙස හානී සිදු වෙනවා. ඒ වගේම හේන් ගොවියන්ට වන සතුන්ගෙන් වගේම වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවෙන් හැම අවුරුද්කදීම ඉඩම් සම්බන්ධ ගැටලු එනවා. වගා කරන ඉඩම් හදුනාගෙන ඒවා වෙන් කර ගෙන මායිම් දමා අවසන් කළ යුතුයි.නැත්නම් හැම අවුරුද්දේම ගොවියන්ට නඩු දානවා මේ සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ගත යුතුයි යැයි පැවසීය.තවද මහවැලි කළාපයට හිඟයකින් තොරව ජලය ලබා ගැනීම සඳහා අවශ්‍යය කටයුතු කර දෙන ලෙසද මන්ත්‍රීතුමන් එහිදී පැවසීය.
පළාත් නවය අතුරින් උතුරු මැද පළාතේ අධ්‍යාපනය 09 වැනි තැනට පත්ව ඇති බවට එම සාකච්ජාවේදී පෙන්වා දුන් අතර, උතුරුමැද පළාත් ආණ්ඩුකර මහීපාල හේරත් මැතිතුමන් අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ගැටළු අගමැතිතුමන් වෙත ඉදිරිපත් කළේ ය.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද රැස්වීමේ දී අදහස් දැක්වී ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අගමැතිතුමන්ගේ සංකල්පයක් අනුව පළාත් පාලන ආයතන 341 ක් ඩිජිටල්කරණය කරලා මේ රටේ ඔ්නම තැනක ඉඳන් බදු ගෙවන්න අවස්ථාව සලසා දෙන්න මේ වසරේ දෙසැම්බර් 31 වනදා වන විට ඒ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා යැයිද පැවසීය.