Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩයමේ වෙනසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තීරණාත්මක තරගයක් අද(30) පැවැත්වෙයි.

ඒ, ඇෆ්ගනිස්ථානට එරෙහිවයි.

පූනේහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කරන හයවැනි තරගය වන අතර පළමු තරග තුනෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහිව ජයග්‍රහණ ලබමින් ඉදිරියට පැමිණියේය.

එම ජයග්‍රහණ දෙකත් සමග ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පස් වැනි ස්ථානයේ රැඳී සිටින්නේ අවසන් පූර්ව තරග අවස්ථා සඳහා ද බලාපොරොත්තු ඇති කර ගෙනය.

ඒ අනුව එකී බලාපොරොත්තු තව දුරටත් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන අතර ඒ සමගම තවත් ක්‍රීඩකයකුගේ සේවය ආබාධයක් හේතුවෙන් අද තරගයේදී ද අහිමි වී ඇත.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව සිය 06වන ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව සමත්විය.

ඒ, වත්මන් ලෝක ශූර එංගලන්තය ලකුණු 100කින් පරාජය කරමින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවට කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 229 ක් පමණයි.

එය 2019න් පසුව ඉන්දියාව එක්දින පිටියේ රැස්කල අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර 2012න් පසු සිය මව්බිමේදී ඉන්දීය කණ්ඩායම රැස්කල අඩුම ලකුණු සංඛ්‍යාව ද විය.

ලකුණු 230ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තයේ සියලු දෙනා ලකුණු 129කට දැවී ගියා.

2009 වසරෙන් පසු එංගලන්ත කණ්ඩාමේ පළමු පිතිකරුවන් සිව්දෙනා පන්දුව කඩුල්ලේ වැදී හෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගිය පළමු අවස්ථාව මෙහිදී වාර්තා වීම කැපී පෙනෙන සිද්ධියක්.

එමෙන්ම මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම අංක 03 පිතිකරු ලකුණු නොලබා දැවී ගිය අතර ලෝක කුසලාන තරගයක අංක 03 පිතිකරුවන් දෙදෙනාම ලකුණු 0ට දැවී ගිය පලමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේදී ඉන්දියාවේ මොහොමඩ් සමී ලකුණු 22කට කඩුලු 04ක් බිද හෙලුවා.
මෙම තරගය පරාජයට පත්වුවද එංගලන්තයට සුපිරි කණ්ඩායම් 04 අතරට පිවිසීමට සුලු අවස්ථාවක් පවතිනවා.

එහිදී ශ්‍රී ලංකා හා නවසීලන්ත කණ්ඩායම් වල ප්‍රථිපලය දෙස බලා සිටීමට ද ඔවුන්ට සිදුවනු ඇති.

පවතින තත්ත්වය අනුව බොහෝ විට එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට නොහැකි වනු ඇති.

එමෙන්ම, එංගලන්තයේ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමේදී එල්ල වූ තවත් පීඩනයක් අඩු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව අද තරගය ඇතුළුව සියලු තරග ජයගත හොත් ඔවුන්ට සුපිරි 04 වටයට පිවිසීමට වැඩි ඉඩක් විවර වන අතර ඉන්දීය තරගය හැර නවසීලන්ත, ඇෆ්ගනිස්ථාන් හා බංග්ලාදේශ තරග ජය ගත්තද ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා කරගත හැකි වනු ඇති.

ඒ සියල්ලම තීරණය වන ශ්‍රී ලංකා පිලේ තීරණාත්මක තරගය අද ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් අද තරඟය සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද දිනයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස එක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි ශ්‍රි ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් වැඩිදුරටත් පැවසුවේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්ව තිබෙනවා.

මෙවර ආබාධයකට ලක්ව ඇත්තේ ලහිරු කුමාර යි.

ඒ වෙනුවට දුෂ්මන්ත චමීර කැදවීමටයි තීරණය කර ඇත්තේ.

එල් පී එල් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන ප්‍රධාන සංචිතයට පවා එක්වීමට චමීරට නොහැකි වූණා.

පසුව ඔහු හා ඇන්ජලෝ මැතිව්ස් ඉන්දියාව බලා ඉකුත්දා පැමිණියේ අතිරේක ක්‍රීකඩකයින් ලෙසයි.

ලෝක කුසලානය අතරතුර වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ආබාධයට ලක්වූ හා වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් මාරු කල කණ්ඩායම ලෙසටයි මේවනවිට ශ්‍රී ලංකා පිල හඳුන්වන්නේ.

තරගාවලියට ගිය ශ්‍රී ලංකා සංචිතයේ සිට මතීෂ පතිරණ, මහේෂ් තීක්ෂණ, කුසල් ජනිත්, දසුන් ශානක හා ලහිරු කුමාර ආබාධවලට ලක්වුණා.

ඒ අතරින් දසුන් ශානක, මතීෂ පතිරණ හා ලහිරු කුමාරට ලෝක කුසලානයෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

ඒ වෙනුවට චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් හා දුෂ්මන්ත චමීර ප්‍රධාන සංචිතයට කැදවීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ඇන්ජලෝ මැතිව්ස්, ඩිල්ශාන් මධුෂංක සහ චාමික කරුණාරත්න.

ඇෆ්ගනිස්ථාන සංචිතය

හෂ්මතුල්ලා ශහිදි (නායක), අබ්දුල් රහමන්, අස්මතුල්ලා ඔමර්සායි, ෆසාල්හක් ෆරූකි, ඊබ්‍රහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබී, මුජිබුර් රහමන්, නජිබුල්ලා සද්‍රාන්, නවීන් උල්හක්, නූර් අහමඩ්, රහ්මනුල්ලා ගුර්බාස්, රාමට් ෂා, රෂීඩ් ඛාන් සහ රියාස් හසන්

Scroll to Top