Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආදරණීය පර්සි අංකල් දිවි සැරියෙන් සමුගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට “චියර්” කිරීම සඳහා ජීවිතයම කැප කළ ආදරණීය පර්සි අංකල් දිවි සැරියෙන් සමුගෙන ඇත.

අද සවස 5:55 ට ඔහු ජීවිතයෙන් සමු ගන්නේ මේ ලෝකයේ සියලුම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් විසින් ආදරය කළ ක්‍රිකට් වින්දනය කළ මිනිසෙක් ලෙසය.

පර්සි අබේසේකර යනු ඉතිහාසයකි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ජාතික ධජය ද රැගෙන ප්‍රේක්ෂාගාරයට යන්නේ වර්ෂ 1979 ලෝක කුසලානයේ සිටය. ඒ දවස්වල ක්‍රිකට් මේ තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් වූයේ නැත. ක්‍රිකට් ජනප්‍රිය කරන්නට පර්සි වැනි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ ක්‍රිකට් ජීවිතය කරගත් රසික ප්‍රජාවත් කැප වූයේය.

මේ වසරේ අගෝස්තු මාසයේදී පර්සි අබේසේකර සිය 87 වැනි උපන්දිනය සැමරූවේය. නමුත් පසුගිය කාලය තුළ ඔහු සිටියේ අසනීපෙනි.

සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පර්සි අබේසේකරගේ යහපැවැත්මට සහ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහාය වීම සඳහා රුපියල් මිලියන 05ක් ලබා දුන්නේය.

අසනීපයෙන් පසුවන පර්සි අංකල්ගේ සුව දුක් බැලීම සඳහා පසුගිය ආසියානු කුසලාන සංචාරයේ දි ඉන්දියානු කණ්ඩායමේ රෝහිත් ෂර්මා ඇතුළු ක්‍රීඩයින් පිරිසක් පැමිණියේය.

Scroll to Top