නුවරඑළිය හග්ගල ජනපදයේ පදිංචි දරුවන් තිදෙනකු සහ වයෝවෘද්ධ මවක් සමගින් ජිවන උපාය වශයෙන් දෛනික කුලී වැඩ කර ලබාගන්නා මුදලින් ජීවත් වන අසරණ පවුලකට හිමි නිවසක් පසුගිය මාස කිහිපය පුරාවට නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ක්‍රම ක්‍රමයෙන් කඩාවැටීම නිසා එම පවුලේ සමාජිකයන් තාවකාලිකව එම ජනපදයේ පිහිටි ප්‍රජා ශාලාවක පදිංචි වී සිටියි.
මාධ්‍යට අදහස් දැක් වු වඩිවේල් පුෂ්පමාලා – මව (අවු 44) මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා , එක් පුතෙකුයි දුවෙකුයි පාඨාමාලාවක් හදාරනවා , අනෙක් පුතා පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් හැටියට වැඩ කරනවා.
කුලි වැඩ කරලා ජිවත් වෙන්න අමාරුයි , අපට ගේ හදා ගන්න කොහොමත් බැ ,ඒ නිසා අපේ ගෙදර හදලා දෙන්න කිසියම් කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නම් අපි ඒක සතුටින් භාරගන්න කැමති.
අපි මේ පිලිබදව රජයේ වගකිය යුතු නිලධාරින්ට කිව්වා ඒවාට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නැ යනුවෙන් පැවසිය.
පිඩාවට පත් අසරණ පවුල් සම්බන්ධයෙන් අදහස් දැක් වු ප්‍රදේශවාසින් කියා සිටියේ ගම්වාසීන් වශයෙන් සියලු දෙනා එකතුවෙලා මෙම පවුලට අත්වී තිබෙන කණගාටුදායක තත්ත්වය පිළිබදව රජයේ නිලධාරීන් දැනුවත් කළ ද ඒ පිලිබදව නිලධාරීන් ඒ පිලිබදව අවධානය යොමු නොකළ බවයි.
රංජි