Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවට කඩුලු 08ක ජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.4කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 160ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.පැතුම් නිස්සංක නොදැවී 77ක් සහ සධීර සමරවික්‍රම නොදැවී 65ක් ලබා ගත්හ.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක ජයක් හිමි විය.

එම ජයග්‍රහණය එක් දින ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ අඛණ්ඩ 05 වැනි ජයග්‍රහණය වූ අතර ඊට පෙර පිළිවෙළින් ශ්‍රී ලංකාව 2007, 2011, 2015 සහ 2019 වසරේදී එංගලන්තය පරාජයට පත් කර තිබේ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් පස්වැනි ස්ථානයේ තම නම සටහන් කර ගත්තේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ කැඳවීමක් මත මෙයට දින 6කට පෙර ඉන්දියාවට පැමිණි අත්දැකීම් බහුල ඇන්ජලෝ මැතිව්ස් ඊයේ එංගලන්ත ඉනිමේ කඩා වැටීම ආරම්භ කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවට කදිම පිළිතුරක් ලබාදී ජයග්‍රහණය උදෙසා විශිෂ්ට මෙහෙවරක යෙදුනේය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරගයේදීම සියලු කණ්ඩායම්වල පන්දු යවන්නන් අබිබවා ඕවරයකට ලබාදුන් අඩුම ලකුණු සාමාන්‍ය (2.80) වාර්තා කළ (Best economy rates) මැතිව්ස් 5-1-14-2 ලෙස එංගලන්ත නමගිය පිතිකරුවන් ඇද බැඳ තබා ගත්තේය.

මැතිව්ස්ගේ ආගමනයත් සමඟ නිර්මාණය වූ මේ පසුබිම මත වෙනදා නොදුටු පිබිදීමකින් පන්දු යැවූ වේග පන්දු යවන ළහිරු කුමාර (35/3) හා කසුන් රාජිත (36/2) සුදු ජාතිකයන්ගේ මුහුණු කළු කළහ. 1979 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය ලීඩ්ස්හි පාකිස්තානයට එරෙහිව ලකුණු 165කට දැවී ගොස් ලෝක කුසලාන තරගයක ඔවුන්ගේ අඩුම ලකුණු වාර්තා කොට තිබූ අතර, ඊයේ ඉක්මණින් ඉනිම නිමාවූ හෙයින් එම වසර 44ක් පැරණි වාර්තාව ද බිඳ වැටිණි.

ශ්‍රී ලංකාවට අනගි ජයක් ගෙනදීමට මුල්වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට තරගයේ වීරයා සම්මානය ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මුහුණ දෙන මීළඟ තරගය පූනේහිදී මේ 30 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වේ.

මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් පිටියේදී ප්‍රමුඛයකු සේම අන්තර්ජාල ගූගල් සෙවුම් පිටුවේ ද රජු බවට පත්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. මේ වසරේ ලොව පුරා ගූගල්හි වැඩිපුරම සෙවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට කෝලි ද එක්වූවේය. මේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර සිටින එකම ආසියානු ක්‍රීඩකයා කෝලි පමණක් වීම විශේෂත්වයකි.

විරාත් කෝලිට ලොව පුරා රසික රසිකාවියන් කොපමණ සිටිනවාද යන්න මෙයින් පැහැදිලි වන අතර, මේ වන විට මිලියන 68ක පිරිසක් ගූගල්හි විරාත් කෝලිගේ නම සොයා කෝලි ගැන බොහෝ දේ දැන ගැනීමට උනන්දු වී තිබේ.

සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, නේමාර්, ලයනල් මෙසී සහ පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් මේ ලැයිස්තුවේ මුල් ස්ථාන හතරේ සිටිති.

Scroll to Top